අද කියන්න යන්නේ "වාක්‍ය" ගැන කතාය. වාක්‍ය යනුවෙන් සදහන් කලේ වාහනවල පිටුපස ඇදඇති හෝ මුද්‍රණය කර අලවා ඇති පාඨයන් පිළිබදවය. මේව වැඩියෙන්ම ඇත්තේ තුන්රෝද රථවලය. මේ වාක්‍ය ඇදීම තුලින් බලාපොරොත්තු වන්නේ හාස්‍ය රසයක් ගෙනදීම හෝ යම්කිසි තේරුමක්-තම ජීවිතයට හෝ වාහනයට සම්බන්ධ සිද්ධියක්-විදහා දැක්වීම වියහැකිය. කුරුටු ගී අඩංගු නොවන පොදු වැසිකිළි මෙන්ම මෙවැනි වාක්‍ය අඩංගු නොවන තුන්රෝද රථ සොයාගැනීම උගහටය.
මගේ මිත්‍රයෙක් ලගදි ට්‍රක් රථයක් මිලදීගත් අතර එය දන්නා කියන රියදුරෙකු හට භාරදෙනලදී. දින කිහිපයකට පසු දුරකථන ඇමතුමක් ගත් රියදුරු විමසා ඇත්තේ වාහනයේ පිටුපස දොරට යම් පාඨයන් ඇලවීමට අවසර ඇත්දැයි දැනගැනීමටයි. නමුත් ඒවනවිටත් කාර්ය කර අවසන් බව මිතුරා ප්‍රකාශ කරන්නේ හාස්‍යයෙනි.
මාත් යහළුවෙකුත් අප හදුනන තවත් වැඩිහිටියෙකුත් මෙම මාතෘකාව ගැන කථා කරමින් සිටි අතර එහිදී සදහන් කෙරුණු වාක්‍යක් එවකට ලොරියක හිමිකරුවකු වූ ඉහත සදහන් කල වැඩිහිටි පුද්ගයාගේ සිත ගතී. එය නම් "වමෙන් ගියත් දකුණෙ කොල්ලො" යන්නයි. ඔහු එම වාක්‍ය තම ලොරියේ පින්තාරු කලත් දකුණෙන් ගෙනා බල්ලෙක් බළලෙක්වත් ඔහුගේ නිවසේ නැත.
අම්මේ ඔබ බුදුවේවා, අම්මා පෙව් කිරි කදුලිනි මේ ලොව මෙතරම් හැඩවුනේ... මේ මා දැක ඇති අම්මා ගැන සදහන් වැකිය.
අම්බලන්ගොඩ ඇති තුන්රෝද රියක අලවා ඇති ස්ටිකරයට සදහන් වන්නේ "ආදරයේ උල්පත වූ නැන්දා" යන්නයි. ඒ පුද්ගලයා කුඩාකල මවුපියන් අහිමි වූ විට රැකබලාගෙන ඇත්තේ ඔහුගේ නැන්දා වන අතර ඇයට උපහාර ලෙස "ආදරයේ උල්පත වූ අම්මා" යන වාක්‍යයේ අම්මා වෙනුවට නැන්දා ආදේශ විය.
තුන්රෝදරථ හැරුණු විට මෙවැනි පාඨ සදහන්වන අනෙක් වාහනය වන්නේ පෞද්ගලික බස් රථයන්ය. මේටට හේතුව පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් සහ තුන්රෝදරථ ධාවකයන් එකම සමාජ ස්ථරයක අයවලුන් වීම විය හැකිය.
බස්රථ වල බොහෝවිට දක්නට ලැබෙන්නේ මෙවැනි වාක්‍යන්ය.
රජවෙන්න නෙවේ මේ උත්සාහය දවසෙ ගාන හොයාගන්න.
පිඹගෙන් එන්නේ ඉඹගෙන යන්නද?
මීට අමතරව ආදරය සම්බන්ධ වැකි දක්නට ලැබෙන අතර ඒ පිළිබදව වෙනම කථාකල යුතුය.
මෙවැනි වාක්‍ය අතුරින් වඩාත්ම මාගේ සිත්ගත් වාක්‍ය වන්නේ ගෙවීමේ ක්‍රමයට බසයක් මිලදීගත් රියදුරෙකු අදින ලද මෙම වාක්‍යයි.
"බුදු මල්ලියේ වද්දන්න එපා. ලීස්එක ඉවරවුනාම රේස්එකේ යමු"
ඔබේ මතකයේ රැදී ඇති මෙවැනි "වාක්‍ය" පහතින් දක්වන්න.
Wednesday, December 31, 2014
වමෙන් ගියත් දකුණෙ කොල්ලො
by Api Nodanna Live | 
in Sinhala
at 8:56 AM
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
December
- තමා මෙහේ පොල්කඩනවද? (18+)
- දීකිරට සාක්කි කියන (ටුබැකෝ) බළල්ලු!
- දූෂකයා ඇයව දූෂණය කලේය. ඉන්පසු..............
- වමෙන් ගියත් දකුණෙ කොල්ලො
- කවුද හිතුවෙ රුපියල් දෙදාහ ගනීවි කියල
- මළගෙවල් වල කතා.
- මුල හොයාගෙන යාම.
- කෙල්ලො දාගන්න අලුත්ම ක්‍රමේ මෙන්න! (කෙල්ලන්ට විශේෂ...
- කෝල් එකක් ගන්නවා
- තුන් දෙනාගෙන් විවාහක එක්කෙනා කවුද?
- කට්ටිය කැමති ඇතිනෙ ටිකක් හිනාවෙන්න. එහෙනං කියවන්න.
- විහිළු කතා. (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි)
- ජෝසප්
- ඇම්ඩන් - ඇම්ඩා දෙක වසරේ...
- ඇම්ඩන් - 100%ක්ම ජලය...
- ඇම්ඩන් - මංකොල්ල කෑම
- ඇම්ඩන් සහ නින්ද
- මැජික් බියර්
- ලාම්පුව ගිලපු අක්ක [18+ ලූ]
- සුපර්මෑන්ගෙ ලිංගික ජීවිතය 18+
-
▼
December
Proudly Powered by Blogger.
0 comments: